Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව 419ක්




ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩාම අද (29) සියලු දෙනා දැවී ලකුණු 419ක් ලබා ගත්තා.

මෙහිදී දිනේෂ් චන්දිමාල් කැපී පෙනෙන දක්ෂතා දැක්වුවා.

ඔහු නොදැවී ලකුණු 155ක් ලබා ගත් අතර දිමුත් කරුණා රත්න ලකුණු 93ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 83ක් රැස් කළා.

පකිස්තානය වෙනුවෙන්  වේගපන්දු යවන මොහොමඩ්  අබාස්  ලකුණු 75 ට කඩුළු 3ක් ලබා ගත්තා.

දඟපන්දු යවන යසීර් ෂා  කඩුළු 3ක් බිඳ හෙලුවා.