Wednesday, April 24, 2024

General line - 0115112241

නව ආදායම් බදු පනත රටේ සමාජ හා සංවර්ධනයට වැදගක් IMF කියයි

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ නව ආදායම් බදු පනත රජය ගෙන යන සමාජ සහ සංවර්ධන වැඩපිළිවලට රුකුලක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එය ශ්‍රී ලංකා ආර්ථීකයේ දැවැන්ත ආරම්භයක් බවයි එම අරමුදල පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (29) කොළඹ දී  මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහිදී මේ බව සඳහන් කළා.

රාජ්‍ය මූල්‍ය කටයුතු තිරසාර පදනමක් මත සමාජ හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශයක් නිර්මාණය කිරීම වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

ඒ සඳහා බලධාරීන් මූල්‍ය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහයෝගය දැක්වීම වැදගත් වනු ඇති බව පෙනවා දෙන එම අරමුදල එහි ඇති වැදගත්කම ද පමදා දුන්නා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණියා.

ඔවුන්ගේ  එම සංචාරය අදින් අවසන් වූණා.