Friday, April 26, 2024

General line - 0115112241

2017 මංචි ජාතික වොලිබෝල් තරගාවලිය ඇරඹේ (PHOTO)

කසුන් කැළුම්




2017 මංචි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය අද (30) සිට ආරම්භ වනවා. ඒ කෑගල්ල ගලිගමුව මහා විද්‍යාලයේදීයි.

දිස්ත්‍රික් මට්ටමේ තරග අද (30) සිට ක්‍රියාත්මකයි. සිලෝන් බිස්කට්ස් ආයතනයේ මංචි අනුග්‍රහය ජාතික ශූරතා තරගාවලියට අඛණ්ඩව හිමි වන 10 වැනි වසර මෙයයි.

තරගාවලිය ආධුනික (පිරිමි සහ කාන්තා) සහ සුපර් ලිග් (පිරිමි සහ කාන්තා) යනුවෙන් අංශ හතරකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආධුනික පිරිමි සහ කාන්තා තරගාවලිය සඳහා කණ්ඩායම් 2500 අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

මෙතෙක් තරගාවලිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ කණ්ඩායම් වල අයදුම්පත් භාර ගැනීමද ඔක්තෝම්බර් 1 දක්වා දීර්ඝ කර තිබෙනවා.

සුපර් ලීග් තරගාවලියට පිරිමි අංශයේ කණ්ඩායම් 8 ක් සහ කාන්තා අංශයේ කණ්ඩායම් 6 ක් තරග වැදීමට නියමිතයි.

යුද හමුදා, ගුවන් හමුදාව, නාවික හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, විදුලිබල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව සහ වෙළඳ සේවා නියෝජනය කරමින් පිරිමි අංශයේ කණ්ඩායම් 8 ක් සහභාගි වනවා.

සුපර් ලීග් කාන්තා අංශයේ තරගවදින්නේ යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, මාවතගම කැෂුවලයින්  යන කණ්ඩායම්.

තරගාවලියේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති ඇමති රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල ගලිගමුව මැදි මහ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සියලුම අවසන් තරග ලබන නොවැම්බර් 18දා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.