Thursday, April 25, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් 12ක් මරුට (UPDATE)




මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

, බංග්ලාදේශයට ආසන්න මුහුදු සීමාවේදීයි. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් බහුතරය කුඩා දරුවන්.

තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බවයි.

මියන්මාරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයින් දිගින් දිගටම බංග්ලාදේශයට පලා යමින් සිටිනවා.

ඉකුත් මාසයේ සිදු වූ මීට සමාන අනතුරකින් සරණාගතයින් 60 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

-------------------------

රෝහින්ග්‍යා සරණාගතයන් ලක‍්ෂ 5ක් බංග්ලාදේශයට (30-09-2017 07:56)

මියන්මාරයේ ඇති වූ අර්බුදයෙන් පසුව ඊයේ (29) වනවිට රෝහින්ග්‍යා සරණාගතයන් ලක‍්ෂ 5 කට අධික පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට සංක්‍රමණය වී තිබෙනවා.

ඔවුන් බංග්ලාදේශයේ කුටුපාලූන්ග්හි අක්කර දෙදහසක පමණ භූමියක පිහිටුවා ඇති තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද ආයතනය පැවසුවේ.

මොවුන්ගෙන් සියයට 18 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවද එම ආයතනය පෙන්වා දෙනවා.

ජගත් සරණාගත ආයතනය විසින් සරණාගතයන්ට සහන සැලසීම සඳහා බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් මිලියන 4 යි දශම 2 ක් පමණ ආධාර මුදලක්ද වෙන්කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.