Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි




ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ඊයේ (29) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 64 ලබා සිටියා.

, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු 419 ට පිළිතුරු ලෙසයි.

ආරම්භක පිතිකරුවන් වන ෂාන් මසූඩ් නොදැවී ලකුණු 30 ක් ලබාසිටි අතර සමී අස්ලාම් නොදැවී ලකුණු 31 ක් රැස්කර සිටියා.

ඒ අනුව කඩුළු 10 ක් අතැතිව සිටින පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 355 ක් පිටුපසින් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහිදීයි.