Thursday, April 25, 2024

General line - 0115112241

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඔක්තෝම්බර් සිට ඉහළට




ඔක්තෝම්බර් මස සිට පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස්  ලංකා අයි. ඕ.සී. සමාගම කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා කියා සිටියේ  ඉන්ධන මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බවයි.

වෙළඳපොළේ දැනට පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කළ බවයි ලංකා අයි. ඕ.සී. සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මිල වැඩි කිරීම සිදු කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අයි ඕ සි සමාගමට දැනට පවතින මිල ගණන් හේතුවෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17 ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක පාඩුවක් සිදුවන බවද ලංකා අයි ඕ සී සමාගමේ කළමණාකාර අධ්‍යක‍ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ අතර මෙවැනි තීරණයක් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇත් දැයි නෙත් නිවුස් ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියාසිටියේ එවැනි දැනුම්දීමක් හෝ මිළ වැඩි කිරීමට අවසරයක් අදාළ සමාගමට මෙතෙක් ලබාදී නොමැති බවයි.