Wednesday, April 24, 2024

General line - 0115112241

රංගන සහ දිල්රුවන් පාකිස්තාන ආරම්භක පිතිකරුවන් හරවා යවයි




පළමු ඉනිම වෙනුවෙන් පළමු කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනැගූ පාකිස්තාන ආරම්භක පිතිකරු යුගල රඳවා ගැනීමට රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා අද (30) සමත් වුණා. 

පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 121ක් ලබාසිටියා. 

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 419 ට පිළිතුරු වශයෙන්. ශාන් මසූඩ් ලකුණු 59 කට දවා ගැනීමට රංගන හේරත් සමත් වුණා. 

සමී අස්ලාම් ලකුණු 51ක ලබා සිටියදී දැවී ගියේ දිල්රුවන් පෙරේරා යැවූ පන්දුවක් හමුවේයි. 

අසාර් අලි සහ අසාද් ෂෆීක් නොදැවී පන්දුවට පහර දෙනවා. අබුඩාබිහි පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි.