Thursday, March 28, 2024

General line - 0115112241

පුහුණුකරු පරුෂ වචනයෙන් බැන්නා කියා මාධ්‍යට කියූ පාකිස්ථානු ක්‍රීඩකයකුට තරග තහනමක්!




පාකිස්ථානු ක‍්‍රීඩක උමාර් අක්මාල්ට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පනවා තිබෙනවා. ඒ ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් පාකිස්ථානු ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පිළිබඳ කළ විවේචන හේතුවෙන්.

මෙහිදී උමාර් අක්මාල් සඳහන් කර ඇත්තේ තමන්ට පුහුණුකරු පරුෂ වචනයෙන් බැනවැදුණු බවයි. ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද උමාර් අක්මාල් මෙහිදී සඳහන් කර තිබෙනවා. මාධ්‍ය හමුවකදී කණ්ඩායමේ පුහුණුකරු විවේචනය කිරීම හේතුවෙන් උමාර් අක්මාල්ට පාකිස්ථානු රුපියල් මිලියනයක දඩයක් ද නියම කිරීමට එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තා.

මාස දෙකක කාලයක් පාකිස්ථානයෙන් පිට පැවැත්වෙන තරගාවලි සඳහා ක‍්‍රීඩා කිරීම ද උමාර් අක්මාල්ට තහනම් කර තිබෙනවා.