Thursday, April 25, 2024

General line - 0115112241

හෘද ස්පන්දන වේගය මනින ඩ්‍රෝන් තාක්ෂණය




හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය දුරසිට මැනිය හැකි ඩ්‍රෝන කැමරා නිෂ්පාදනය කළ බව  දකුණු ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. 

එක් පුද්ගලයෙකුගේ පමණක් නොව කිහිප දෙනෙකුගේම හද ගැස්මේ සහ හුස්ම ගැනීමේ වේගය එකවර ගණනය කළ හැකිවීම එහි ඇති විශේෂත්වයක්. 

රෝහල්වල, සාත්තු සේවා ආයතන පමණක් නොව ගැටුම් පවතින ප්‍රදේශවල ද ඒවා භාවිත කළ හැකි බව පර්යේෂකයන් සදහන් කරනවා.

මිනිස් මුහුණේ සහ බෙල්ලේ වෙනස් වෙන ඉරියව් යොදා ගනිමින් හද ගැස්මේ සහ හුස්ම ගැනීමේ වේගය නිවැරදිව ගණනය කිරීමේ හැකියාව මෙම ඩ්‍රෝන කැමරා සඳහා ඇති බවයි දකුණු ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පවසන්නේ.