Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථානය කඩුළු 4ට ලකුණු 266යි




ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. පළමු ඉනිම ක‍්‍රීඩා කරන පාකිස්ථානු කණ්ඩායම දිනය නිමා වනවිට කඩුලූ 4ක් දැවී ලකුණු 266ක් ලබාසිටියා.

ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 419ට පිළිතුරු වශයෙන්. නොදැවී පන්දුවට පහර දෙන අසාර් අලි ලකුණු 74ක් ලබාසිටිනවා. පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 47කට කඩුලූ 2ක් බිඳහෙළීමට සමත්වුණා.

තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහි ෂෙයික් සෙයිඞ් ක‍්‍රිඩාංගනයේදීයි.