Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදාබැලීමට සැරසෙයි




උතුරු කොරියාව තම මිසයිල පෙලක් නිෂ්පාදනගාරයේ සිට පියොන්යැංග් අගනුවර වෙත රැගෙන ඇවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒවා අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. 

මෙම මිසයිල තවත් අත්හදාබැලීමක් සඳහා ගෙන එන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය ඔක්තෝම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බැවින් එදින ඉලක්ක කරගනිමින් මිසයිල අත්හදාබැලීමක් සිදුවිය හැකි බව එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.