Thursday, March 28, 2024

General line - 0115112241

ලක්මාල් සහ රංගන පාකිස්ථානය අමාරුවේ හෙළයි




ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථානය මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 08 ක් දැවී ලකුණු 340ක් ලබා සිටියා.

ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 419ට පිළිතුරු වශයෙන්.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් අසාර් අලී ලකුණු 85ක් රැස් කළා.

අද දිනයේදී කඩුලු දඩයම ඇරඹූ සුරංග ලක්මාල් නායක සර්ෆාස් අහමඩ් සහ මොහොමඩ් අමීර් දවා ගනිමින් පාකිස්තානු පසු පෙළට දැඩි පීඩනයක් එල්ල කළා.

රංගන හේරත් ලකුණු 59කට කඩුලු 04යි.

තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහි ෂෙයික් සෙයිඞ් ක‍්‍රිඩාංගනයේදීයි.