Thursday, April 25, 2024

General line - 0115112241

යේමනයේ යුද අපරාධ සොයන්න ජගත් සංවිධානය එකඟ වෙයි




යේමනයේ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්‍ෂණ කණ්ඩායමක් යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකතාව පළ කර තිබෙනවා.

, බටහිර රාජ්‍යයන් සහ සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් කිහිපයක් කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව එරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකළ චෝදනා පිළිබද එම කණ්ඩායම පරීක්‍ෂණයක් සිදුකරනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

යුද අපරාධ පරීක්‍ෂණ පිළිබද ප‍්‍රවීණයන් පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව එරට යුද ගැටුම්වලින් 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා අටදහස් පන්සියයකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තුවාල ලබා ඇති පිරිස හතලිස් අට දහසකට අධිකයි.