Tuesday, April 23, 2024

General line - 0115112241

ළමා දිනයයි වැඩිහිටි දිනයයි 'එකට සැමරූ' ඊයේ දවස 




ලෝක ළමා දින සහ වැඩිහිටි දින සැමරුම් රැසක් ඊයේ (01) රට පුරා පැවැත්වුණා. 

ඒ අතරින් ප්‍රධානත්වයක් ගත්තේ කොළඹ නාගරික මහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ කුසලතාවයන් එළිදැක්වීම වෙනුවෙන් නාගරික සංවර්ධනය අධිකාරිය විසින් සංවිධානය කළ ''සුපසන් පරිසරයක් - සුහුරු දිවියක්'' ප්‍රසංගයයි.එය පැවැත්වුණේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මෙම උත්සවයට අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර ළමා දින සහ වැඩිහිටිදින සැමරුම් අවස්ථා දෙකක් ජාතික තරුණ සේවා සභාව සහ තරුණ තරුණියන් එක්ව සංවිධානය කර තිබුණා.

"ලෝක වැඩිහිටි දිනය"සැමරීම සඳහා  උපහාර වැඩසටහනක් මෙහිදී පැවැත්වුණා.

වැඩිහිටියන් 1000 ක පමණ පිරිසක් මීට සහභාගිවී සිටි අතර  ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ සමග තරුණසේවා නිලධාරීන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙම වැඩිහිටි සැමරුම් උළෙල වෛද්‍ය සායන,ගී රස වින්දන ආදී වැඩසටහන් වලින්ද සමන්විත වුණා.

(ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ ළමා දින සැමරුම පහතින්)

 
 

 

 
 

 (ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ වැඩිහිටි  දින උපහාර  පහතින්)