Saturday, April 20, 2024

General line - 0115112241

ලාස් වේගාස් සංගීත සංදර්ශනයකට එල්ල වෙඩි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට




අමෙරිකාවේ, ලාස් වේගාස්හි පැවැති සංගීත සංදර්ශනයකට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට වාර්තා පැවසුවේ තුවාල ලැබූ සංඛ්‍යාව 547 ක් පමණ  වන බවයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ ස්ටීවන් පැඩොක් නමැති 64 හැවිරිදි සැකකරු ද තමන් විසින්ම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්වුණා.

සංගීත සංදර්ශනය පැවති ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්ඩලේ බේ හෝටලයේ සිට ඔහු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි එරට පොලිසිය සහන් කර ඇත්තේ. 

සැකකරු සමග සිටි කාන්තාවක් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද බී බී සී ලෝක සේවය පවසනවා.