Wednesday, April 24, 2024

General line - 0115112241

ජය සහ පරාජයේ දී ක්‍රිකට් කණ්ඩායම සමග හිටපු ප්‍රේක්ෂකයන් අපට ශක්තියක් වුණා




ජය සහ පරාජයන්වල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව සිටි ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සිය ස්තූතිය පළ කරනවා.

පාකිස්තානයට එරෙහිව ලද ටෙස්ට් ජයග්‍රහණයෙන් අනතුරුව ඩුබායි සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් චන්දිමාල් මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාව අබුඩාබිහි ශෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණයේ දී ලද පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයද මෙය වනවා.

ශ්‍රී ලංකාව ඊයේ (02) ලද ජයග්‍රහණයත් සමග තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිට එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 06 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස ඩුබායි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගී වන පළමු අවස්ථාව ද මෙය වනවා.