Saturday, April 20, 2024

General line - 0115112241

ඔබාමා අංකල් 'හැරී කුමරුගේ' කනට ළං වෙලා ඇසු සහ කියු කතාව මෙන්න (PHOTO)




අමෙරිකාවේ හිටපු ජනාධීපති බරක් ඔබාමා හා හැරී කුමරු අතර හමුවක් කැනඩාවෙන් වාර්තා වනවා. ඉන්වික්ටස් ක්‍රීඩා උළෙල පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවතුණා.

එය හැරී  කුමරුගේ මූලිකත්වයෙන් පැවැති අතර ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ඊට එක්ව සිටියා.

එම අවස්ථාවට සහභාගී වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා හැරී කුමරු අසලට ගොස් අසුන්ගෙන ඔහු සමග සුහද කතා බහක යෙදුණු බවයි කැනේඩියානු වාර්තා කියා සිටියේ.

හැරී  කුමරුගේ පෙම්වතිය වන මෙගාන් මාකේල් සම්බන්ධයෙන් ද ඔබාමා මෙහිදී විමසා ඇති බව සඳහන්.

එමෙන්ම මෙගාන් මාකේල් රඟන රූපවාහිනි මෙගා ටෙලිනාට්‍යයක් සම්බන්ධයෙන් ද අමෙරිකානු හිටපු ජනාධිපති බරක් ඔබාමා අදහස් පලකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙගාන් මාකේල් අතීශයෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් බවයි.

ඇගේ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ ඔබාමා සිනාමුසු මුහුණින් යුතුව හැරී කුමරුගෙන් අසා ඇත්තේ ඔබගේ මංගල්‍ය උත්සවයට ඔබාමා අංකල්ට එන්න කියනවා ද ? යන්නයි.

අංකල්ට තමයි මුලින් ආරාධනා කරන්නේ කියා මෙහිදී ඔබාමාට හැරී කුමරු පිළිතුරු දී තිබෙනවා.