Wednesday, April 24, 2024

General line - 0115112241

බංග්ලාදේශ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 333කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ පොචස් ස්ට්‍රොම්හිදීයි. දකුණු අප්‍රිකාව පළමු ඉණිම සඳහා ලකුණු 496ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශය පළමු ඉණිමට රැස් කළේ ලකුණු 320ක් පමණයි.

කඩුලූ 06කට ලකුණු 247ක් ලබා සිටිය දී දකුණු අප්‍රිකාව සිය දෙවන ඉණිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉණිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 424ක්. එහෙත් ඔවුන්ට දෙවන ඉණිමේ දී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

දකුණු අප්‍රිකානු පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 199ක් රැස්කල් ඩීන් එල්ගර් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

තරග 02කින් සමන්විත මෙම තරගාවලිය එකට බිංදුවක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගෙන සිටිනවා.

දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 06 වනදා ආරම්භ වීමට නියමිතයි.