Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී නගර් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කරයි (UPDATE)(VIDEO)




කාශ්මීර ශ්‍රී නගර් ප්‍රදේශයට අද (03) අළුයම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

ඉන්දීය වාර්තා පැවසුවේ ශ්‍රී නගර් ගුවන් තොටුපලේ ගුවන් ගමන්  ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඉන්දියාවේ ශ්‍රීනගර් ගුවන්තොටුපොළ අසල පිහිටි හමුදා කඳවුරකටයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අද (03) අළුය  එල්ල වුණේ.

අදාළ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනෙක් මියගොස් ඇති බවද සඳහන්.

ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් කඳවුරේ සැඟව සිටිමින් තවදුරටත් ප්‍රහාර දියත් කරන බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

--------------------------

ශ්‍රී නගර් ගුවන් තොටුපල අසල කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් (03-10-2017 09:44)

කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපල අසල පිහිටි හමුදා කඳවුරකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන්දීය වාර්තා පවසන්නේ සිය හමුදාවන් ඉළක්ක කරගෙන මෙම ප්‍රහාරය අද (03) අළුයම එල්ලවී ඇති බවයි.

අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුවන් තොටුපලට ත්‍රස්තවාදීන් ඇතුල් වී මෙම ප්‍රහාරය දියත් කර තිබෙනවා.

සිද්ධියෙන් හමුදා සෙබලුන් සිව් දෙනෙකෙු තුවාල ලබා ඇති බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

හමුදාව විසින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් එක් ත්‍රස්ත සාමාජිකයෙකු මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙකු හමුදා කඳවුරේ සැඟව සිටිමින් ප්‍රහාර එල්ල කරත බව ද සඳහන්.