Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මගකට ගන්න ක්‍රිකට් ලොක්කෝ එකතු වුණ හැටි (PHOTOS)




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීමේ වැඩමුළුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් අද (03) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එම අවස්ථාවට හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන පිරිස් එක්ව සිටියා.

------------------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මගකට යන විශේෂ සාකච්ඡාව අද

(03-10-2017 13:56)

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීම සඳහා වන වැඩමුළුවේ වාර්තාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වෙනවා.

, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම වාර්තාව සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ ප්‍රධානත්වයෙන්.

අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ද ඊට සහභාගී වන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පැවසුවේ.

හිටපු අතුරු කමිටු සභාපති හේමක අමරසූරිය ද මෙම සාකච්ඡාවට එක්වනවා.

අද (03) පස්වරු 05ට ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.