Friday, April 19, 2024

General line - 0115112241

මන්චි ජාතික වොලිබෝල් ශුරතා රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජයට




සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවති මන්චි ජාතික වොලිබෝල් ශුරතා තරගාවලියේ ආධුනික පිරිමි ශූරතාව දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සමත් වුණා.

අනුශූරතාව දිනා ගත්තේ ක්‍රියේටස් ක්‍රීඩා සමාජයයි.

ආධුනික කාන්තා ශූරතාව දිනා ගැනීමට ගලිගමුව ක්‍රීඩා සමාජය සමත් වුණා. එහි අනුශූරතාවට හිමිකම් කීවේ රුවන්වැල්ල ක්‍රීඩා සමාජයයි.

මෙම තරග ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වුණා. ආධුනික ශූරතාව දිනාගත් කණ්ඩායම් දෙක ලබන නොවැම්බර් මස කුරුණෑගල මාලිගාපිටියේ පැවැත්වෙන ජාතික තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා.