Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරෙයි - තරග කාලසටහනත් පිටවෙයි




ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා කාල සටහන මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ලබන නොවැම්බර් මස ආරම්භ වන මෙම තරග සංචාරයට ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් ඇතුළත්.

පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය නොවැම්බර් මස 16වැනිදා කොල්කටාහිදි ආරම්භ වනවා.

දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය නොවැම්බර් මස 24වැනිදා නාග්පූර්හිදීත් 03වන ටෙස්ට් ක‍්‍රිකට් තරගය දෙසැම්බර් 02වැනිදා නවදිල්ලිහිදීත් ආරම්භ වීමට නියමිතයි.