Tuesday, April 23, 2024

General line - 0115112241

තමිල්නාඩු  මහ ඇමති සටන ඇරඹේ...රැජිනි ද? කමල් ද? ස්ටාලින් ද?




ඉන්දීය දමිල සිනමාවේ සුපිරි නළු රැජිනි කාන්ත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියහොත් රටට සෙතක් කරනු ඇති බව ඔහුගේ බිරිඳ වන ලතා රැජිනි කාන්ත් පවසනවා. ඇය ඉන්දීය දේශපාලනඥයන් හමුවූ අවස්ථාවේ දී මේ බව පවසා තිබෙනවා.

රැජිනි කාන්ත් හා ලතා රැජිනි කාන්ත් දේශපාලනයට පිවිසෙන බව පසුගියදා විවිධ පාර්ශ්ව කියා සිටියා. ඒ  අතරවාරයේ  භාරතීය ජනතා පක්ෂය ද අවස්ථා කිහිපයක දී තමන්ට එම පක්ෂය සමග එක්වන ලෙස ඉල්ලා සිටි බව ඇය කියා සිටියා. 
කෙසේ වෙතත් තවත් අවස්ථාවක ලතා රැජිනි කාන්ත්ට  තමිල්නාඩුවේ ආණ්ඩුකාර ධුරය ලබා දීමට ද  යෝජනා වී තිබුනා.

නමුත් රැජිනි කාන්ත් දේශපාලනයට පිවිසීමට අකැමැත්ත පලකල නිසා ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදැක්වූ බව ලතා කියා සිටියා.

තමිල්නාඩුවට සුදුසු නායකයෙක් නොමැති නිසා තම සැමියාට දේශපාලනයට පිවිසෙන ලෙස තමාද බල කර සිටින බවයි ලතා පවසා තිබෙන්නේ.

මේ අතර රැජිනි කාන්ත්ගේ සමකාලීන මිතුරෙකු වන තවත් සුපිරි නළුවෙකු වූ කමල් හසන්ද  දේශපාලනයට පිවිසීමට සුදානම් වනවා. ඔහු තම ඉදිරි දේශපාලන ප්‍රචාරක කටයුතු  ආරම්භ කර ඇති බවයි පසුගියදා කියා සිටියේ.

කමල් හසන්ද කියා සිටියේ තමිල්නාඩුවට සුදුසු නායකයෙකු අවශ්‍යව ඇති බවයි. ඒ නිසා තමන් ජනතා සේවයට පිවිසෙන බවයි කමල් හසන් කියා සිටියේ.

සිනමා දිවියේ සමීපතම මිතුරන් වන රැජිනි කාන්ත් සහ කමල් හසන් මේ දිනවල දේශපාලන වේදිකාවේ දෙදෙනා සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක නිරත වනවා.  

කලක් තිබු මිත්‍රත්වය පවා දේශපාලනය බිලි ගන්නා බවයි ඔවුන් දෙදෙනාගේ රසිකයන් පවසන්නේ.

රැජිනි කාන්ත් සහ කමල් හසන්ගේ දේශපාලන පිවිසුම සැලවීමත් සමගම DMK පක්ෂය තරමක් බියට පත්ව තිබෙනවා.

තමිල්නාඩුවේ  හිටපු මහ ඇමතිනි ජයලලිත ජයරාම් මිය යාමත්‍  සමග එහි දේශපාලන අර්බුධයක් පවතිනවා. එහි වාසිය ලබාගෙන ඉදිරි ප්‍රාන්ත සභා මැතිවරණයෙන්  මහ ඇමති ධුරය ලබා ගැනීමට මුත්තුවේල් කරුණානිධිගේ පුතෙකු මෙන්ම තමිල්නාඩු විපක්ෂ නායක ස්ටාලින් සිහින දුටුවා.

නමුත් එය දැන් බොඳවන සිහිනයක් බවට පත්ව ඇති බවයි  වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් තමිල්නාඩු විපක්ෂ නායක ස්ටාලින් ප්‍රසිද්ධව පවසන්නේ සිනමා කරුවෙකුට තමිල්නාඩු ප්‍රාන්ත පාලනය තවදුරටත් ලබාදිය නොහැකි බවයි.

නමුත් විපක්ෂ නායක ස්ටාලින් ද සිනමා කරුවෙකුගේ පුත්‍රයෙකු බව ඔවුට අමතක වී ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.