Friday, April 26, 2024

General line - 0115112241

"පාලක මණ්ඩලය එක්ක කැමැත්තක් නෑ" -අරවින්ද..මහේල ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ගත්ත තීරණය  මෙන්න 

සුගත් ධර්මප්‍රිය




වසර දෙකක කාලයක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන ඊයේ (03) පස්වරුවේ කැමැත්ත පළ කර තිබෙනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලය හා සම්බන්ධවීමට ඔවුන්ගේ කැමැත්තක් පළ නොකර ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා සමග කටයුතු කිරීමට කමිටුව එකඟවී ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.


මෙහිදී ලබාගන්නා  තීන්දු ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියාත්මක කළ හොත් එය ඔවුන්ටද හොඳ වනු ඇති බවයි අමාත්‍යවරයා මෙම කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව පෙන්වා දුන්නේ.

මෙම කමිටුව පරිපාලනය සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර 2019 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා පසුබිම සැකසීමද ඔවුන්ට බාරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්.