Wednesday, April 17, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි 'වීඩියෝව නිසා' රූ රැජින සම්මානය අහිමි වූ සුරූපිනිය




සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය 'රූ රැජින සම්මානය' තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසන බව බී.බී.සී. පුවත් සේවය වාර්තාකර තිබෙනවා.

ගැටුම් සිදු කරන බවට රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ 'ග්‍රැෆික්' වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ තිබුණා.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි 'රූ රැජින' කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ තිබෙනවා.

ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම 'ආදර්ශමත් චරිතයකට නොගැළපෙන' බව පෙන්වා දෙනවා.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැහැ.

"පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින" බව ස්වේ ඒන් සි පවසනවා.


සිය ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ පළ කරන ලද වීඩියෝ පටය මගින් අදහස් දක්වන ස්වේ ඒන් සි "රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව මුස්ලිම් ආගමික රාජ්‍යයක්   වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස හඳුන්වා දෙමින් එම ප්‍රහාරකයන් ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කරමින් සිටින" බව සඳහන් කර තිබුණා.

(බී.බී.සී. පුවත් සේවය ඇසුරිනි )