Saturday, April 20, 2024

General line - 0115112241

ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් සිහිසුන්ව ඇද වැටෙයි - 245ක් රෝහලේ (PHOTOS)

හැටන් - රංජිත් රාජපක්ෂ




හදිසියේ රෝගීවීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ නෝර්වුඞ් නිව්වැලිගම ප‍්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිස තවදුරටත් එහි ප‍්‍රතිකාර ලබනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඇඟළුම් සේවිකාවන් 245 දෙනෙකු මෙලෙස රෝගී වී ඇති බවයි.

ඔවුන් අද (04) උදෑසන එක්වරම කර්මාන්ත ශාලාව තුළ  සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් රෝහල්ගත කෙරුණා.

විෂ වායුවක් අග‍්‍රහණය වීමෙන් මෙම ඇගළුම් සේවිකාවන් රෝගී වී ඇති බවයි දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.