Thursday, April 25, 2024

General line - 0115112241

රසායන විද්‍යා නොබෙල් තෑග්ග තුන් දෙනෙකුට




රසායන විද්‍යාවට හිමි 2017 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තුන්දෙනෙකු අතර බෙදීගොස් තිබෙනවා. ඔවුන් අමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ස්විට්සර්ලන්ත විද්‍යාඥයින් තිදෙනක්.

සීකා වෛරසයට සමාන වෛරස ආසාදනයන් පිළිබද කළ නව සොයා ගැනීම් සදහා ප‍්‍රමුඛතාව ලබාදී පර්යේෂණ කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම සම්මානය පිරිනමා තිබෙනවා. ජෛව විද්‍යාත්මක අණුවල හැඩය පිළිබද රූපමය මට්ටමින් පර්යේෂණ සිදුකර ඊට අදාළ නිර්ණායකයන් ඉදිරිපත් කිරීමද මෙම විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබුවා.

ඒ වෙනුවෙන් පිරිනැමුණු නොබෙල් ත්‍යාගය සමග ඔවුන්ට පවුම් අට ලක්‍ෂ තිස් එක් දහසක මුදල් ත්‍යාගයක්ද පිරිනමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර භෞතික විද්‍යාවට හිමි 2017 නොබෙල් ත්‍යාගය අමෙරිකානු ජාතික විද්‍යාඥයින් තුන්දෙනෙකුට ඊයේ පිරිනැමුණා.