Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාව තෙල් මිල බස්සයි! ඒත් අපිට වැඩිය ගොඩක් වැඩියි




ඉන්දියාවේ ඉන්ධන මිල පහත දමා තිබෙනවා. පෙට්‍රල් ලීටරයක මිළ අඩු කර ඇත්තේ ඉන්දීය රුපියල් 2. 50 කින්. ඞීසල් මීටරයක මිළ රුපියල් 2.25 කින් පහත දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් අළෙවි කරන්නේ රුපියල් 70.80 කටයි. එහි නව මිළ රුපියල් 68.38 (ශ්‍රී ලංකා රුපියල් 160 ක් පමණ) ක්. රුපියල් 59.14 කට අළෙවි කළ ඞීසල් ලීටරයක නව මිළ රුපියල් 56.89 ( ශ්‍රී ලංකා රුපියල් 134 ක් පමණ) ක් වනවා. ඉන්ධන මත පැනවූ බදු අඩු කිරීම මෙලෙස මිළ පහල යාමට හේතුවයි.

මෙරට වෙළඳ පොලේ පෙට්‍රල් ලීටරයක් අළෙවි කෙරෙන්නේ 128ක මුදලකටය. ඩීසල් ලීටරයක් රුපියල් 95ක් වනවා.