Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලර් මිලියන 53 කට අලෙවි වූ "අපේ ආලෝකය"




ලොව විශාලත්වයෙන් 2 වන ස්ථානය හිමි දියමන්තිය අමෙරිකානු ඩොලර් මිලියන 53 කට වෙන්දේසි වී තිබෙනවා.

කැනඩාවේ පිහිටි ලුකේරා නම් වෙන්දේසි සමාගම මෙම දියමන්තිය වෙන්දේසි කර ඇති බවයි වාර්තා වන්නේ.

වසර දෙකකට ඉහත දී මෙම දියමන්තිය සොයා ගනු ලැබුවේ බොට්ස්වැනා උමං මාර්ගය කැනීමේ අවස්ථාවේ දීයි.

මෙම දියමන්තිය නම් කර තිබෙන්නේ ලෙසේඩි ලා රෝනා යන නමින්. එහි අර්ථය වන්නේ අපේ ආලේකය යන්නයි.

දියමන්තියේ බර කැරට් 1109ක් වනවා.

එංගලන්තයේ ග්‍රාෆ් ඩයමන්ඩ් සමාගමයි වෙන්දේසියේ දී මෙම දියමන්තිය අමෙරිකානු ඩොලර් මිලියන 53 කට මිලදී ගෙන තිබෙන්නේ.

වසර ගණනාවක් පැරණි මෙම දියමන්තිය උචිත ආකාරයෙන් කපා ඔප දැමිය යුතු බවයි එංගලන්තයේ ග්‍රාෆ් ඩයමන්ඩ් සමාගම පවසන්නේ.