Thursday, April 25, 2024

General line - 0115112241

ඡන්දේ තියන්න ආණ්ඩුව බය නෑ



ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය සම්බන්ධයෙන් කිසිඳු ගැටලූවක් නොමැති බව එක්සත් ජාතික පක‍ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

සිදු කෙරුණු සමීක‍ෂණයකින්ද ඒ පිළිබඳ තහවුරු වූ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිඳු බයක් නොමැති බව ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (04) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

සියලූ මැතිවරණ ලබන වසර තුළ පවත්වා අවසන් කිරීම අරමුණ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ (04) රාත්‍රි යේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.