Friday, April 19, 2024

General line - 0115112241

දේශපාලනය සහ ක්‍රීඩාව පටලවා ගන්න එපා...රෆායල් නඩාල් කියයි




දේශපාලනය සහ ක්‍රීඩාව පටලවා ගතයුතු නැතැයි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ප්‍රකාශ කර තිබෙනවා.

ඊට හේතු වුයේ ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ ඉකුත්දා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයයි.

ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්විය යුතුද නැද්ද යන්න පිළිබද මහජන මතය පිරික්සීමේ ජනමත විචාරණයක් කැටලොන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසින් කැඳවනු ලැබ තිබුණා.

මේ හේතුවෙන් ස්පාඤ්ඤය සහ බාසිලෝනෝව අතර පාපන්දු තරගයට බාධා පැමිණීම සිදු නොවිය යුත්තක් බවයි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ප්‍රකාශ කර ඇත්තේ.