Friday, April 19, 2024

General line - 0115112241

ධනුෂ්ක කළ වරද මෙන්න (UPDATE)




ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මාස හයක තරග තහනම් පැනවීමට හේතු වූ කරුණු අනාවරණ වී තිබෙනවා. නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ රාතී‍්‍ර සමාජ ශාලාවක රැය පහන් කිරීම නිසා ඔහු පසුදා පැවැති පුහුණු සැසියට සහභාගි නොවූ බවයි.

මේ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලකට මෙම තරග තහනම පැනවීමටකටයුතු කළ බවයි ඔහු කියා සිටියේ. එ් අනුව ඉකුත් සැප්තැම්බර් මස 30 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඔහුගේ කොන්ත‍්‍රාත් මුදලින් සියයට විස්සක මුදලක්ද දඩ වශයෙන් අය කර ගැනීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් ශී‍්‍ර ලංකා සංචිතයෙන්ද ධනුෂ්ක ගුණතිලක ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තා.

-------------------------------------------------------------

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එක්දින තරග තහනමක්... කොන්ත්‍රාත් ගාස්තුවෙන් සියයට 20 ක් දඩ

05-10-2017 13:31

විනය කඩ කිරීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එක්දින තරග 6 ක තහනමක් පනවා තිබෙනවා.

ශරීර යෝග්‍යතා පරීක‍ෂණයකට සහභාගි නොවීම ඔහුට එල්ල වී ඇති එක් චෝදනාවක්.

මේ පිළිබඳ කණ්ඩායමේ කළමණාකරු වන අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුවයි ධනුෂ්ක ගුණතිලකට මෙම තහනම පනවා ඇත්තේ.

මීට අමතරව ඔහුගේ වාර්ෂික තරග කොන්ත්‍රාත් ගාස්තුවෙන් සියයට 20 ක් දඩ ලෙස පැනවීමටද නියම කර තිබෙනවා.