Friday, April 19, 2024

General line - 0115112241

හිට්ලර් භාවිත කළ ලෝක ගෝලයේ වටිනාකම මෙන්න(PHOTO)




ජර්මානු ඒකාධිපති පාලකයෙකු ලෙස සැලකෙන හිට්ලර් විසින් භාවිත කළ ලෝක ගෝලය වෙන්දේසියක දී අමෙරිකානු ඩොලර් 65000 ට අළෙවි කර තිබෙනවා.


1945 වසරේ දෙවන ලෝක යුද්ධය පැවති අවස්ථාවේ හිට්ලර්ගේ බලය ගිලිහි ගියා. එම අවස්ථාවේ දී ඔහු ඇල්ෆ්ස් කඳුවැටිය ආශ්‍රීතව සැඟව ජීවත් වුණා.


හිට්ලර්ගේ මාලිගය පරික්ෂාවට ලක්කිරිමේ දී හමුදා සෙබළෙකු විසින් හිට්ලර් භාවිත කළ ලෝක ගෝලය ඔහුගේ නිවසට ගෙන ගොස් ඇති බවය විදෙස් වාර්තා පවසන්නේ.

වසර ගණනාවකට පසු ඔහු විසින් රැගෙන ගිය හිට්ලර් භාවිත කළ ලෝක ගෝලය වෙන්දේසි සමාගමකට භාරදී තිබෙනවා. එම වෙන්දේසි සමාගම විසින් අමෙරිකානු සමාගමකටයි හිට්ලර් විසින් භාවිත කළ ලෝක ගෝලය වෙන්දේසි කර තිබෙන්නේ.

එමෙන්ම හිට්ලර්ගේ කමිසයක් අමෙරික්නු ඩොලර් 10000 වෙන්දේසි වී තිබෙන බවද වාර්තා වනවා.