Thursday, April 25, 2024

General line - 0115112241

දෙවැනි ලෝක යුධ සමයේ ගිලූණු නැව සොයාගනී  




දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ මුහුදේ ගිලී ගිය ප්‍රථම නෞකාවේ කොටස් සොයාගෙන තිබෙනවා.

ඒ අයර්ලන්තයට යාබද අත්ලාන්තික් සාගරයෙදීයි.

මෙම නෞකාව ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයකින් 1939 වසරේදී විනාශ වුණා. 

මේ හේතුවෙන් නැවේ ගමන් ගත් නැවියන් 100වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වුණා.

බ්‍රිතාන්‍ය විසින් හිට්ලර්ට එරෙහිව යුද ප්‍රකාශ කර පැය කිහිපයක් ගත වනවිට පෙර අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී මෙය මුහුදුබත් වුණා.