Saturday, April 20, 2024

General line - 0115112241

පිටිය මවිත කරමින් සිංහයන් කළ දේ ඉතිහාසගත වෙයි (UPDATE)

කසුන් කැළුම් ඩුබායි සිට




ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා.

පාකිස්තාන කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා.

ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 248ක් පමණයි.

අසාඩ් ශාෆික් ලකුණු 112ක් රැස්කළ අතර ඩිල්රුවන් පෙරේරා කඩුළු පහක් දවා ගැනීමට සමත් වුණා.

ඒ පිළිබඳ ඩුබායි සිට වැඩිදුර තොරතුරු ගෙන එන්නේ නෙත් නිව්ස් වාර්තාකරු කසුන් කැළුම්...


-----------------------------------------------------------

හය වැනි කඩුල්ලේ සබඳතාව පාකිස්ථාන බලාපොරොත්තු ඉහළ නංවයි - සටනේ අවසන් දිනය අදයි (10-10-2017 06:54)

ශී‍්‍ර ලංකාව සමග ඩුබායිහි පැවැත්වෙන දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා පකිස්තාන කණ්ඩායම ප‍්‍රබල සටනක යෙදී සිටිනවා.

දෙවන ඉනිමේදී ඔවුන්ට ලැබී ඇති ඉලක්කය ලකුණු 317 ක්.

එම ඉලක්කය හඹා යන පකිස්තාන කණ්ඩායම ඊයේ (09) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබාගෙන සිටියා.

පළමු කඩුලු 5 බිද වැටුණේ ලකුණු 52 ක් තුළයි. අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 146 ක සබදතාවක් ගොඩනගා ගැනීමට අසාද් සාෆික් සහ සෆ්රාස් අහමඩ් සමත් වී සිටිනවා.

අසාද් සාෆික් ලකුණු 86 යි. සෆ්රාෆ් අහමඞ් ලකුණු 57 ක් ලබාගෙන සිටිනවා.  

මේ අනුව තරගය ජය ගැනීම සදහා පකිස්තාන කණ්ඩායම තවත් ලකුණු 119 ක් ලබාගත යුතුයි. අද තරගයේ අවසන් දිනය වනවා. 

මේ අතර මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව දැක්වු දක්‍ෂතා සම්බන්ධයෙන් ඩුබායිහි සිටින ශී‍්‍ර ලාංකිකයන් උද්දාමයට පත්වී සිටින බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙනුවෙන් එහි සිටින කසුන් කැලූම් කුමාර පැවසුවේ.

තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව ජයගත්තා. දැන් පැවැත්වෙන දෙවන තරගය මෙන්ම මීළගට පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියද ශී‍්‍ර ලංකාව ජයගනු ඇති බවටයි ඩුබායිහි සිටින ශී‍්‍ර ලාංකිකයන් වැඩිදුරටත් විශ්වාසය පළ කළේ.
 

--------------------------

සිවුවන දිනයේදී ලෝක වාර්තාවක් (UPDATE)

(09-10-2017 17:38)

එක් පන්දුවාරයක් යවමින් කඩුලු 3ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා ලෙස පාකිස්තානු දඟ පන්දු යවන ක්‍රීඩක හැරිස් සොහෙල් අද (09) වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඩුබායි හිදි දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදියි.

මෙම තරගය ජයගැනීම සඳහා පාකිස්තානු කණ්ඩායමට ලකුණු 317ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.

එම ඉලක්කය හඹා යන පාකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා සිටියා.

 

-----------------------------

පාකිස්තානයට ලකුණු 317ක ඉලක්කයක් (09-10-2017 17:14)

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මීට නොබෝ වේලාවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 96ක් ලබා ගත්තා.

වහාබ් රියාස් කඩුලු 4 ක් දවාගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 482 ක් රැස්කරගත් අතර පකිස්ථානය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 262 ක්.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 317ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

සිවුවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 21කට දැවී ගියා.

ඒ වහාබ් රියාස්ගේ පන්දුවක් හමුවේ. අනතුරුව පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට යෂීර් ෂා සමත් වුණා.

රංගන හේරත් ලකුණු 17කට දැවී ගියා. රංගන කඩුල්ල බිඳ දැමුවේ හැරිස් සොහෙල්. හැරිස් සොහෙල් එක් ලකුණකට කඩුලු 3ක් බිඳහෙලමින් ශ්‍රී ලංකා පසුපෙල අසරණ කළා.

ඒ සම්බන්ධයෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට තවදුරටත් තොරතුරු ගෙන එන නෙත් එෆ්.එම් වාර්තාකරු කසුන් කැළුම්...

-------------------------

දැඩි උණුසුමක්..කඩුලු 5යි..ලකුණු 45යි.. -  ඩුබායි පිටියේ සිට ගෙනෙන අලුත්ම තොරතුරු මෙන්න(09-10-2017 15:45)

ශ්‍රී ලංකා - පකිස්තාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි. මේවන විට ඩුබායි ජාත්‍යන්තර  ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වී ඇති අතර  ශ්‍රී ලංකා කණ්ඩායම විකට් 6ක් දැවී  ලකුණු 59 ලබා සිටිනවා.

අද පැවත්වෙන තරගය පිළිබඳව ඩුබායි ජාත්‍යන්තර  ක්‍රීඩාංගණයේ  සිට තොරතුරු ගෙනෙන නේත් එෆ් එම් වාර්තාකරු කසුන් කැළුම්...

----------------------------

දිල්රුවන්ගේ නව වාර්තාව මෙන්න (09-10-2017 12:45)

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා නව වාර්තාවක් බිහිකර තිබෙනවා.

, වසරක් තුළ ටෙස්ට් ලකුණු 400ක් සහ කඩුලූ 20ක් බිඳ හෙළු පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

දිල්රුවන් පෙරේරා මෙම වසරේ මේ දක්වා සහභාගී වූ ටෙස්ට් තරගවල දී ලකුණු 452ක් රැස්කර ගෙන සිටින අතර දඟ පන්දු යවන්නෙකු ලෙස බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 20ක්.

මේ දක්වා ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කර ඇති දිල්රුවන් පෙරේරා කඩුලූ 85ක් සහ ලකුණු 725ක් රැස්කර ගෙන සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා - පකිස්තාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි.

ශ්‍රී ලංකාව මේ වනවිට තවත් කඩුලූ 05ක් අතැතිව පකිස්තානයට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටිනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ ජය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

-----------------------

අවසන් හෝරා කිහිපයේදී තරගය කණපිට පෙරළෙයි (09-10-2017 06:48)

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය මේ වන විට දෙපිළටම විවෘත වී තිබෙනවා.

ඒ, තරගයේ තුන්වන දිනය වූ ඊයේ (08) අවසන් හෝරා කිහිපයේ ශ‍්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලූ 05ක් බිඳ වැටීමත් සමගයි.

ඒ, පන්දුවාර 14යි පන්දු 03ක් තුළ ලකුණු 34ක් තුළදීයි.

දිමුත් කරුණාරත්න ලකුණු 07කට ද කෞෂාල් සිල්වා ලකුණු 03කට ද දැවී ගියා.

සධීර සමරවික‍්‍රම රැස් කළේ ලකුණු 13ක් පමණයි. සුරංග ලක්මාල් එක් ලකුණකට දැවී ගියා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 08යි. 

පකිස්තාන පළමු ඉණිම ඊයේ පස්වරුවේ නිමා වූයේ ලකුණු 262ටයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුල් 03 බැගින් බිඳ හෙළුවා.

සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ කඩුලූ 02 බැගින් බිඳහෙළීමට සමත් වුණා.

ශ‍්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 482යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලූ 05ක් අතැතිව පාකිස්ථානයට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටිනවා. අද තරගයේ සිව්වන දිනයයි. 
 

 

----------------------------------

ලෝක වාර්තා ගමනක ආ පාකිස්ථානු ක්‍රීඩකයා ඊයේ තරගයෙන් ඉලක්කය සපුරා ගනී (PHOTOS) (UPDATE)

(08-10-2017 08:31)

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (08) තුන්වන දිනයයි.

ඊයේ (07) දිනය නිමා වන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.

එ් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 482කට පිළිතුරු වශයෙන්. 

ශී‍්‍ර ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 196ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පළමු ඉනිම ඔසවා තැබුවා. 2004 න් පසු කිසිදු ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් වාර්තා කර නොමැති අතර වසර 3කින් කිසිදු ශී‍්‍ර ලාංකික පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව නැහැ.

දිමුත් කරුණාරත්න ඊයේ දිනයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේ නම් එම කඩඉම් පසු කිරීමටද ඔහුට හැකියාව තිබුණා.

පාකිස්තානු දඟ පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා ඊයේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. එ් පිට පිටම ටෙස්ට් තරග 5කදී ඉනිමක කඩුලූ 5  බැගින් දවා ගනිමින්.

ඩුබායි කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු දිවා රාති‍්‍ර ටෙස්ට් තරගයයි.

--------------------------

ශ්‍රී ලංකාව ලකුණු 482 (UPDATE)

(07-10-2017 21:50)

ශ්‍රී ලංකාව හා පකිස්ථානයඅතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 482 ක් ලබා ගත්තා.

මෙම තරගය ඩුබායිහිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනු අතර පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී දක්ෂ පිති හරඹයක දිමුත් කරුණාරත්න නිරත වුණා.

ඔහු පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළ අතර ලකුණු 196 සීමාවේ දී දැවි යමත් සමග එම අවස්ථාව ඔහුට ගිලිහී ගියා.

නිරෝෂන් දික්වැල්ල 52 යි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් ලබාගත්තා.

දිල්රුවන් පෙරේරා 58 යි. රංගන හේරත් නොදැවී ලකුණු 27 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී යසීර් ෂා කඩුලු 6 ක් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 2 ක් බිඳහෙලීමට සමත් වුණා.

පකිස්ථාන පිළිතුරු ඉනිම තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

-------------------------------------------------------

දිමුත්ගේ  ද්විත්ව ශතකය අහිමි වෙයි (07-10-2017 19:57)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 07ක් දැවී ලකුණු 457ක් ලබා සිටියා.

සුපිරි පිතිහරඹයක නිරත වන දිමුත් කරුණාරත්න ලකුණු 196ක් දැවි ගියා.

ඒ අනුව දිමුත් කරුණාරත්නට ද්විත්ව ශතකය අහිමි වුණා. වසර 3කින් ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් වාර්තා කර නැහැ

-----------------------------------------------------

දිමුත් කරුණාරත්න ලකුණු 3000 ඉක්මවා යයි (07-10-2017 17:12)

ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ ලකුණු 3000 ඉක්මවා යාමට අද (07) සමත් වුණා.

ඒ ලකුණු 3000 ඉක්මවූ  ශ්‍රී ලංකාවේ 12 වන ක්‍රීඩකයා ලෙසයි .

පාකිස්ථානයේ  අද පැවැත්වෙන තරගයේ දී ඔහුට එම අවස්ථාව උදා වුණා.

----------------------------------------------------------------

ලකුණු 254ක් සහ කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාව අද දෙවන දිනයට  (UPDATE)

පාකිස්තානය සමග ඩුබායිහිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියා. ශී‍්‍ර ලංකා වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 133 ක්. ඒ, හතරේ පහර 15 ක් සහ එක් හයේ පහරක්ද සමගයි.

ඊයේ දිනය නිමාවනවිට අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහරදුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 49 ක් ලබා සිටියා. සදීර සමරවික‍්‍රම ලකුණු 38 ක් රැස් කළ අතර කෞෂාල් සිල්වා ලකුණු 27 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් දැවී ගියේ එක් ලකුණකටයි.

යසීර් ෂා ලකුණු 90 කට කඩුලූ 02 යි. අද (07) තරගයේ දෙවන දිනයයි.

------------------------------------------------------------------

දිමුත් රෝස පන්දුවෙන් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට යවයි

06-10-2017 21:18

දිවා රාත්‍රි ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න අද ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ නොදැවි ලකුණු 104 වාර්තා කරමින්.

මෙලෙස ඔහු ලබා ගත්තේ සිය ටෙස්ට් දිවියේ 07 වැනි ශතකයයි. එය පාකිස්ථානයට එරෙහි දෙවැනි ශතකයද වනවා.

මෙහිදී  රෝස  පැහැති පන්දුවෙන් දිමුත් මෙම ශතකය ලබා ගැනීමට වාසනාවන්ත වූවා.

ඒ අනුව මේ වන විට ලකුණු 22ක් ලබා අනෙක් කඩුල්ලෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ නායක දිනේෂ් චන්දිමාල්. 

---------------------------------------

දිමුත් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි (UPDATE)

(06-10-2017 19:26)

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමුව පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 3 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 79 ක් ලබා සිටි අතර නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 09ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

කෞෂාල් සිල්වා ලකුණු 27 කට දැවී ගිය අතර අද දිනයේ ටෙස්ට් වරම් හිමිකර ගත් සදීර සමරවික‍්‍රම ලකුණු 38 කට දැවී ගියා.

ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු දිවා රාතී‍්‍ර තරගය ලෙසද මෙම තරගය ඉතිහාසයට එක් වනවා. එමෙන්ම ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ පැවැත්වෙන  6 වන දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගය වන්නේද මෙම තරගයයි.

රෝස පැහැති පන්දුවක් මේ සඳහා යොදා ගැනීමද විශේෂත්වයක්.  
 

-------------------------------

දෙවන තරගයේ කාසියේ වාසිය ලංකාවට - ලංකාවේ තීරණය මෙන්න

(06-10-2017 15:20)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර අද (06) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
 
ඩුබායිහිදී මෙම තරගය පැවැත් වෙනවා. 

මෙරට වේලාවෙන් පස්වරු 3.30 ටයි තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ. 

මේ අතර සදීර සමරවික්‍රම අද තරගයේදී ටෙස්ට් වරම් දිනා ගත්තා.

----------------------------

පළමු දිනයේම අමරණිය සිහිවටනයක් සමග ටෙස්ට් වරම් ලබන නවකයා

(06-10-2017 12:30)

පාකිස්ථාන කණ්ඩායම සමග අද (06) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී නවක කී‍්‍රඩකයෙකුට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බව වාර්තා වනවා. ඩුබායි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු දිවා රාති‍්‍ර ටෙස්ට් තරගයද මෙය වනවා. ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් කි‍්‍රඩක සදීර සමරවික‍්‍රමට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ලහිරු තිරිමාන්න වෙනුවට ඔහු අද (06) තරගය සඳහා කැඳවීමට වැඩි ඉඩකඩක් පවතිනවා.  

මේ අතර ශී‍්‍ර ලංකාව තරග වදින පළමු දිවා රාති‍්‍ර ටෙස්ට් තරගය පිළිබඳ රංගන හේරත් මෙලෙස අදහස් පළ කළා.
 

---------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව රෝසපැහැ පන්දුව අතට ගන්නා පළමු දිවා රෑ ටෙස්ට් තරගය අදයි! 

06-10-2017 06:30

ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ඉතිහාසයේ සහභාගි වන පළමු දිවා රාත‍්‍රී ටෙස්ට් තරගය ඩුබායි ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වනවා. ඒ, පාකිස්ථානයට එරෙහිවයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට පමණ තරගය ආරම්භ වනවා.

මෙරට ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය වසර 35ක්. මෙම තරගය සඳහා භාවිත කරන්නේ රෝස පැහැති පන්දුවක්. පළමු දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ එන්ගලන්තය අතර 2015 වසරේදීය. මේවනවිට දිවා රාත්‍රී ටෙස්ට් තරග 5ක් පවත්වා ඇති අතර පාකිස්ථානයට එම අත්දැකීම් මීට පෙර හිමිව තිබෙනවා.

පාකිස්ථානය මේ වනවිට දිවා රාත්‍රී ටෙස්ට් තරග 2කට සහභාගීව තිබෙනවා. පාකිස්ථානය අද තරගය පැවැත්වෙන ඩුබායි ක්‍රීඩාංගනයේදී දිවාරාත්‍රී ටෙස්ට් ජයක් වාර්තාකොට තිබීමද විශේෂත්වයක්. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

මේවනවිට දිවාරාත්‍රී තරගයන්ට සහභාගීව ඇති කණ්ඩායම් වන්නේ එන්ගලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකාව දිවා රාත්‍රී ටෙස්ට් තරග අත්දැකීම ලබන හත්වන කණ්ඩායම වනවා.

දිනේෂ් චන්දිමාල් මෙම ඓතිහාසික තරගයට නායකත්වය දෙනවා.