Tuesday, April 16, 2024

General line - 0115112241

ක්‍රිකට් පොතට එකතුවන "අලුත්ම තරගය" දෙසැම්බරයේදී! සංගාත් පෙරමුණේ




එක්සත් අරාබි එමීර් රාජ්‍ය ටී ටෙන් නමින් නව කි‍්‍රකට් තරගාවලියක් හදුන්වා දීමට සූදානම් වනවා. පන්දුවාර 10කට සීමා කර ඇති මෙම තරගාවලිය සඳහා කණ්ඩායමකට කී‍්‍රඩා කළ හැක්කේ කී‍්‍රඩකයින් දස දෙනෙකුට පමණයි. තරගයකට හිමිවන කාලය විනාඩි 90ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන මෙම තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර, විරේන්ද්‍ර ෂෙවාග්, සහීඞ් අෆීරිඩි, ඔයින් මෝර්ගන් ද සහභාගි වීමට නියමිතයි.

ලබන දෙසැම්බර් මසදී මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එක් තරගයක් පැවැත්වීම සඳහා ලබා දී ඇති කාලය විනාඩි 90ක්.