Thursday, March 28, 2024

General line - 0115112241

රුපියල් දශ ලක්ෂ 20,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සැරසෙයි

ඉෂාර සුපෙම් මානගේ




රුපියල් දශ ලක්ෂ 20,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එහි පරිණත කාලය ලෙස සඳහන් කර ඇත්තේ දින 91, දින 182 සහ දින 364 යනුවෙනි. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ මුදල පිළිවෙලින් (රු.ද.ල.) 2,500 / 7,000 සහ 11,000 යි.

අදාළ වෙන්දේසිය 2017 ඔක්තෝබර් 11 වැනි දින සිදු කෙරෙන අතර ගෙවීම් කළ යුතු දිනය වන්නේ 2017 ඔක්තෝබර් 13 වැනි දායි. 

ටෙන්ඩර් භාර ගන්නා අවසාන දිනය සහ වේලාව 2017 ඔක්තෝබර් 11 වැනි බදාදා පෙරවරු 11.00 බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

ලංසුවක් සඳහා අවම මුදල රුපියල් දශ ලක්ෂ පහක් සහ ඉන් අනතුරුව රුපියල් දශ ලක්ෂයේ ගුණිතයන්ගෙනි.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අ‍ලෙවිකරකරුවන්ගෙන් ලංසු කැඳවීම සිදු කෙරෙනවා.  

ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් වනවා.

වෙළඳපොළ තත්ත්වය මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයන් පිළිගනු ලැබිය හැකි බවද දන්වා සිටිනවා.