Friday, March 29, 2024

General line - 0115112241

නෙත් විශ්මලන්තයේ මතකයන් (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ "විශ්මලන්තය" ලෝක ළමා දින සැමරුම පසුගිය 07 වැනිදා දවස පුරා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණා.

එහි ඡායාරූප එකතුවක් පහතින් දැක්වෙයි.

------------------------------------

"විශ්මලන්තය" දරුවන්ගේ සිත් සතුටු කළා  (UPDATE)

(08-10-2017 07:00)

 

පොළොන්නරුව වැනි ප‍්‍රදේශයක විශ්මලන්තය ලෝක ළමා දින සැමරුමක් පැවැත්වීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝවට පොළොන්නරුව ජනතාවගේ ප‍්‍රසාදය පළ කෙරුණා.

ඊයේ (07) දවස පුරා පොළොන්නරුව විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති නෙත් එෆ් එම් විශ්මලන්තය ලෝක ළමා දින සැමරුම අතිසාර්ථක බවයි එම විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.ඩී. රත්නසිරි කියාසිටියේ. 

"මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා මේ දරුවන්ගේ හිත් සතුටු කරන්නට ගත් වෑයම අති සාර්ථක වුණා. මේ දරුවන් බොහෝම දුෂ්කරතා මධ්‍යයේ තමයි ජීවත් වෙන්නේ. ඒ ගැන හොඳ අවබෝධයක් නෙත් කණ්ඩායමට තිබ්බා. එහි ගෞරවය හැමදාම නෙත් වෙත හිමිවෙනවා. සමහර වැඩසටහන් මේ දරුවන්ගේ ජීවිතයේ පළමු අත්දැකීම වුණා."

විශ්මලන්තය සඳහා අනුග‍්‍රාහක දායකත්වය ලබාදෙමින් මන්චි, සී.බී.එල්. නියුටි‍්‍රලයින්, ඇන්කර් නිව්ඩේල් සහ ලයිෆ්බෝයි ෂැම්පු නෙත් එෆ්.එම්. රේඩියෝව සමග අත්වැල් බැඳගත්තා.
 

----------------------------------------

‘මුල සිට අගට’ ගුවන් විදුලියේ අත්දැකීම අරලගංවිලට (PHOTOS) - (UPDATE)

(07-10-2017 16:27)

 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන "විශ්මලන්තය" ලෝක ළමා දින සැමරුම අද (07) දවස පුරා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා.

මෙහි දී මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා, ජෙට් ලයිනර් ඇතුළු විනෝදාංග සහ අතිනවීන තාක්ෂණය ඔස්සේ රසවින්දනය ගෙන දෙන සිනමාපට නැරඹීමේ අවස්ථාව මෙන්ම ඔබේ රුව සහිත මුද්දර ලබා ගැනීම් අවස්ථාවද හිමිවනවා.

තෑගි බෝග දිනාගැනීමට හැකි තරග ඉසව් ගණනාවක්ම මෙහි පැවැත්වෙනවා.

මේ අතර ගුවන් විදුලිය සම්බන්ධයෙන් දැනුම ලබාදීමේ විශේෂ කුටියක් ද ප්‍රදර්ශන භුමියේ නිර්මාණය කර තිබෙනවා.

එහිදී ගුවන් විදුලි සම්බන්ධතා මැදිරියක සිදුවන කාර්ය භාරය පිළිබඳව මනා අවබෝධයක් නරඹන්නන් වෙත ලබාදීමට නෙත් එෆ් එම් කටයුතු කර තිබෙනවා.

මයික්‍රෝෆෝනය මගින් ලබා ගන්නා හඬ සම්බන්ධතා මැදිරිය හරහා ගුවනට එක්වන ආකාරය මෙහිදී අවබෝධ කර දීම සුවිශේෂි වනවා.

දුරකථනය ඔස්සේ අසන්නන් සම්බන්ධ කර ගන්නා ආකාරය මෙන්ම ගුවන් විදුලි සජීවි සම්බන්ධතා වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය සම්බන්ධයෙන් ද මෙම විශේෂ කුටියෙන් දැක බලාගැනීමේ හැකියාව පවතිනවා.

මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

 
 
 
 
 
 
 
 

--------------------

නෙත් "විශ්මලන්තය" (07-10-2017 13:09)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන "විශ්මලන්තය" ලෝක ළමා දින සැමරුම අද (07) දවස පුරා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනු ලබනවා.

මෙහි දී මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා, ජෙට් ලයිනර් ඇතුළු විනෝදාංග සහ 9D සිනමාපට නැරඹීමේ අවස්ථාව මෙන්ම ඔබේ රුව සහිත මුද්දර ලබා ගැනීම් අවස්ථාවද හිමිවනවා. 

තෑගි බෝග දිනාගැනීමට හැකි තරග ඉසව් ගණනාවක්ම මෙහි පැවැත්වෙනවා.

මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

 
 

------------------------------------

නෙත් විශ්මලන්තයට ඉහළ ප්‍රතිචාර! (07-10-2017 10:35)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන විශ්මලන්තය ලෝක ළමා දින සැමරුම අරලගංවිල, විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී මේ වනවිට අති සාර්ථකව පැවැත්වෙනවා. ඒ සදහා ප‍්‍රදේශයේ දූ දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද මහත් උද්යෝගයකින් යුතුව එක්ව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.


නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි, සී බී එල් නියුටි‍්‍රලයින්, ඇන්කර් නිව්ඬේල් සහ ලයිෆ් බෝයි ෂැම්පු අනුග‍්‍රාහකත්වය ලබාදෙනවා.
 

නෙත් විශ්මලන්තය අද

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන "විශ්මලන්තය" ලෝක ළමා දින සැමරුම අද (07) දවස පුරා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා. 

මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා, ජෙට් ලයිනර් ඇතුළු විනෝදාංග මෙන්ම, 9D සිනමාපට නැරඹීමේ අවස්ථාව මෙන්ම ඔබේ රුව සහිත මුද්දර ලබා ගැනීම් අවස්ථාවද මෙහිදී හිමිවනවා. තෑගි බෝග දිනාගැනීමට හැකි තරග ඉසව් රැසක්ද මෙහි පැවැත්වෙනවා.

නෙත් එෆ් එම් විශ්මලන්තය සඳහා මන්චි, සී.බී.එල් නියුටි‍්‍රලයින්, ඇන්කර් නිව්ඬේල් සහ ලයිෆ් බෝයි ෂැම්පු අනුග‍්‍රාහකත්වය ලබාදෙනවා.

පුළතිසි පුරවරයට එෆ්.එම් 94.8 ඔස්සේ විශ්මලන්තය රෝඩියෝවටද සවන්දිය හැක.