Thursday, April 25, 2024

General line - 0115112241

හම්බන්තොට දී පොලිස් ලොක්කා 'කණට ගැසූ පුද්ගලයාගේ' තොරතුරු මෙන්න 

සුගත් ධර්මප්‍රිය




හම්බන්තොට ඊයේ (06) පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් 28 දෙනා අතරින් අයෙකු තම ආයතනයේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පුවත්පත් ආයතනයක් තහවුරු කරනු ලැබුවා.


nethnews.lk කළ කරුණු විමසීමක දී එම පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු සඳහන් කළේ එහි අත්අඩංගුවට ගෙන ඇති එම නිදහස් මාධ්‍යවේදියා පිළිබඳව වීරවිල පොලිසියට ලිඛිතව දැනුම්දී ඇති බවයි.

එම ලිපියට අත්සන් තබා ඇත්තේ ඔහු  නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන පුවත්පතේ කතෘවරයායි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පිරිස  මේ මස 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න හමුව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඊයේ රාති‍්‍ර 10.30 ට පමණ සැකකරුවන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි චමින්ද සූරියපටබැදි පැවසුවේ තිස්සමහාරාම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා හමුවට සැකකරුවන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඔවුන් හම්බන්තොට මහරෝහලට ඇතුළත් කරන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කළ ද  එම නියෝගය නොතකමින් පොලීසිය කටයුතු කළ බවයි.

මේ අතර එම ස්ථානයේ දී  නිදහස් මාධ්‍යවේදියා පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් පහර කන වීඩියෝවක් සමාජ ජාලවල දක්නට ලැබෙනවා.

එම වීඩියෝව පහතින්.