Wednesday, April 24, 2024

General line - 0115112241

නාසා යළිත් සඳ මතට යන්නට සූදානම් වෙයි




සඳ මතට මිනසෙකු යැවිම සමබන්ධයෙන් නාසා ආයතනය යළිත් අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවේ උප ජනාධිපති මාර්ක් බෙන්ස් එහි නිල උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබඳව කියා සිටි බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

වසර ගණනාවකට පසු සඳ මතට මිනිසෙකු යැවීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව සඳහන් කරමින් නාසා විද්‍යාඥයන් සතුට පල කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ තවත් වසර 2කින් නාසා ආයතනය විසින් මිනිසෙකු සඳ මතට යැවීමට හැකි වන බවයි.

කෙසේ වෙතත් ස්පූට්නි නම් සුනඛයෙකු රුසියාව විසින් ප්‍රථම වතාවට සඳ මතට යාවා තිබුණා.

එම සුනඛයා සාර්ථකව සිය ගවේෂණ  අවසන් කර පෘතුවියට යළි පැමිණමෙන් අනතුරුව විවිධ පරාජයන් හමුවේ 1969 වර්ෂයේ ජුලි මස 20 වන දින අමෙරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබා ඉතිහාසයට එක්වුණේ සමස්ත මානවයාට කීර්තියක් එක්කරමින්.

ඉන් අනතුරුව අමෙරිකාව සඳ මත ගවේෂණය අතැර දමා අඟහරු සම්බන්ධයෙන් ගවේෂණ කිරිම ආරම්භ කළ අතර අනෙකුත් රටවල් ද සඳ මතට යාම සමබන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක් වූ බව සඳහන්.

නමුත් ඉන්දීයාවේ ඉස්රෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පමණක් දිගින් දිගටම සඳ මත ගවේෂණ ඉදිරියට ගෙන යමින් සිටිනවා.

ඒ අතරවාරයේ නාසා ආයතනය පවසන්නේ තමන් ඉදිරි වසර 2 ඇතුලත යළිත් වරක් සාර්ථකව මිනිසෙකු සඳ මතට ගවේෂණය සඳහා යවන බවයි.

නාසා ආයතනය මේවන විට අඟහරු මතට මිනිසෙකු යැවීමේ උත්සහායක නිරත වන අතර ඊට මත්තෙන් සඳ මත නැවත තම බලය තහවුරු කරන බවයි පවසන්නේ.