Thursday, April 25, 2024

General line - 0115112241

කොලම්බෝ මැරතන් ඇරඹෙයි




17 වන වරට පැවැත්වෙන කොලම්බෝ මැරතන් තරගාවලිය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අසලින් අද (08) ආරම්භ වුණා.

මෙවර තරගයට එක්ව සිටින දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව අටදහසකට අධිකයි.

මෙවර කිලෝමීටර් 05 සහ 10 විනෝද මැරතන් තරග ඉසව් කොළඹ අවට මාර්ගවල පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කොළඹ නගරයේ සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන යාම එහි අරමුණයි. පූර්ණ මැරතන් තරගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අසලින් ආරම්භ වී හැමිල්ටන් ඇළ ප්‍රදේශයේ දුන්ගාල්පිටියෙන් අවසන් වනු ඇති.