Tuesday, April 23, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාවේ සංශෝධනයක්




විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාවේ සංශෝධනය කිරීමේ තීරණයක් ගෙන ඇති බව  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් සඳහන් කරනවා.

අදට යෙදී ඇති ජාතික විශ්‍රාමික වැටුප් දිනයට සමගාමීව රාජ්‍ය සේවකයින් සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 සහ ඉංජිනේරුවන්ට වයස අවුරුදු 61 දක්වා සේවය කළ හැකි වනු ඇති.

ජගත් ඩයස් මහතා පැවසුවේ වසරේ මේ දක්වා කාලය වන විට ලක්ෂ 6 කට ආසන්න පිරිසක් විශ්‍රාම වැටුප් ලබන බවයි.

අනෙකුත් රජ්‍ය සේවකයන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සිදු කරනු ඇති.

නව වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට නැවත ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දීමට මෙන්ම වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට නැවත ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දීමටද නියමිතයි.