Thursday, March 28, 2024

General line - 0115112241

නිව්යෝර්ක් නුවරට  'දැවැන්තම  ප්‍රහාරය එල්ල කරන සැළසුම'  අතටම හසුවූ හැටි 




ජිහාඩ්වාදීන් විසින් නිව්යෝර්ක් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කළ  කුමන්ත්‍රණයක් හෙළිදරව් කර ගැනීමට හැකිවී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එක්සත් ජනපදයේ ෆෙඩරල් රහස් ඔත්තු සේවය මෙම සැලැස්ම හෙළිදරව් කර ගෙන ඇත්තේ වෙස්වලා ගත්  නියෝජිතයෙකු යොදා ගැනීමෙනුයි.

නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට සහ උමං දුම්රිය පද්ධතියට පහර දීම කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වී තිබුණු බව බලධාරීන් පවසන බවයි බීබීසී පුවත් සේවය සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු එක්සත් ජනපදයේ සිටි කැනේඩියානු ජාතිකයෙක් වනවා.

අනෙක් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් පකිස්තානයේ සිටි අයෙකු වන අතර තුන්වැන්නා පිලිපීනයේ සිටි පුද්ගලයෙකි.


"මීළඟ 9/11 ප්‍රහාරය" සිදුකිරීමට තමන්ට අවශ්‍යව තිබූ බවට ප්‍රකාශයක් කර ඇතැයි මින් එක් සැකකරුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරුවන් තිදෙනා මෙම ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා සාකච්ඡා කර ඇත්තේ අන්තර්ජාලයේ පවතින සන්නිවේදන පහසුකම් යොදා ගනිමිනුයි.


(බීබීසී ඇසුරිනි )