Friday, March 29, 2024

General line - 0115112241

මහේල වාස් පාපන්දු පිටියට 'ඇවිත්'  අමනුල්ලාගේ ගෝලයෙන් පැරදුණු හැටි 




මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී ඕල්ඩ් ස්ටාර්ස් කණ්ඩායම සහ ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති ප්‍රදර්ශන පාපන්දු තරඟයෙන් ගෝල 1 - 0 ක ජයක් අත්කර ගැනීමට ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.

ඕල්ඩ් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් අමනුල්ලා 57 වැනි විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

පැරණි පාපන්දු ක්‍රීඩකයන් පිරිසකගෙන් ඕල්ඩ් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත වූ අතර පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකගෙන්  ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත වුණා.

එහිදී මහේල ජයවර්ධන, චමින්ද වාස් සහ උපුල් චන්දන යන ක්‍රීඩකයින්ද ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළා.