Thursday, April 25, 2024

General line - 0115112241

මෙවර අයවැයේ රුපියල් බිලියන 1807ක හිඟය අවම කරන හැටි




2018 අයවැය ප‍්‍රථමවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පතේ රුපියල් බිලියන 1807ක අයවැය හිගයක් පවතිනවා.

එය පියවා ගන්නේ කෙසේදැයි නෙත් නිවුස් වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්නගෙන් විමසා සිටියා. 

එහිදී ඔහු සඳහන් කළේ "ලංකාවේ අයවැය තුළ හැම තිස්සෙම වියදමයි ආදායමයි අතර පරතරයක් තිබිලා තියෙනවා..2015 ඉඳලා අපේ රජය මුල්තැන දුන්නේ මේ අයවැය පරතරය අඩු කරන්නයි.  අපි එය ක්‍රමානුකූලව අඩු කරගෙන ඇවිත් තියෙනවා. නාස්තිය අවම කරගැනීම සහ රජයේ ආදායම වැඩිකර ගැනීම තුළින් අපි ඒ ඉලක්කයන් වෙත ගමන් කරන්න සැළසුම් කරලා තියෙනවා." යනුවෙනි.

අයවැය පිළිබඳ කතාබහ මතුවෙද්දි බොහෝදෙනාගේ අවධානය යොමු වන්නේ ඉන් ලැබෙන සහන පිළිබඳවයි. ජනතාව අපේක්ෂා කරන පරිදි මෙවර අයවැයේ අඩංගු සහන මොනවාදැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පැවසුවේ රටට දීර්ඝ කාලීනව වැදගත් වෙන අයවැයක් ලෙස මෙවර අයවැය ඉදරිපත් කෙරෙන බවයි. එහිදී කෙටි කාලීන අරමුණු වෙනුවෙන්ද අවස්ථාවක් ලබා දී ඇති බවත් සඳහන් කළා.