Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා සිය සහෝදරියව වැඩි බලතල සමග තීරණාත්මක තනතුරකට ගෙනෙයි




උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සිය සහෝදරිය වන කිම් යෝ ජොන් වෙත වැඩි බලතල ප‍්‍රමාණයක් ලබාදී තිබෙනවා.

ඒ, ඇය ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේ වැදගත් චරිතයක් බවට පත්කිරීමේ අරමුණින්. 

30 වැනි වියේ පසුවන ඇය ඉකුත් වසර 03ක කාලය පුරා එරට කම්කරු පක්ෂයේ ඉහළ පෙලේ තනතුරක් ද හොබවනු ලබනවා.

ඇය, පක්ෂයේ තීරණාත්මක තනතුරකට පත් කිරීමට ද උතුරු කොරියානු නායකයා කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිම් යෝ ජොන් යනු හිටපු නායක කිම් ජොන් ඉල්ගේ බාලම දියණියයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 සිට උතුරු කොරියානු පාලනය හොබවනු ලබන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින්.