Wednesday, April 24, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනිය මහරගම යොවුන් පාර්ලිමේන්තුවට 




සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද දින (09) පැවැත්වුණා. 

ඒ මහාමාර්ග හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  ඩිලාන් පෙරේරා, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය  ලක්ෂ්මන් සෙනෙවිරත්න හා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිනීතිඥ එරන්ද වැලිඅංගේ යන පිරිසගේ  ප්‍රධානත්වයෙන්. 

මහරගම යොවුන් රඟහලේ පිහිටි විශේෂ යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද දින පැවැත්වුණු මෙම විශේෂ සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනගහනය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංසදයේ උප ප්‍රධානි හා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී Ann Sudmalis සහභාගී වුණා. 

මෙම අවස්ථාව සඳහා රටවල් 30 ක් නියෝජනය කරමින් ජනගහනය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංසදයේ මැති ඇමතිවරුන් පිරිසක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අනෙකුත් සංවිධානවල නියෝජිතයින් රැසක්ද සහභාගීවී සිටියා.