Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරිමට පියවර (PHOTOS)




ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව තව තවත් පුළුල් කරලීම සඳහා ෆින්ලන්ත ව්‍යවසායන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමටත්, ඒ ඔස්සේ දෙරට අතර සම්බන්ධතාවයන් ශක්තිමත් හා අර්ථවත් කරලීමටත් ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ සිය ෆින්ලන්ත නිල සංචාරය අරඹමින්, ෆින්ලන්තයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක ආයතන තුනක් සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීයි.

අද (09 වන දා) දහවල් හෙල්සින්කි නුවර ෆින්ලන්ත මන්දිරයේ දී පැවති දිවා භෝජන සාකච්ඡාවට ෆින්ලන්තයේ නිල ආනයන ණය සමාගම වන ෆින්වේරා (Finnvera), නෝර්ඩික් ආයෝජන බැංකුව (Nordic Investment Bank) සහ ෆින්ලන්තයේ ප්‍රමුඛ තාක්‍ෂණ සේවා සැපයුම් ආයතනයක් වන ඔටොටෙක් (Outotec) යන ව්‍යවසායයන්හි ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූණා.