Wednesday, April 24, 2024

General line - 0115112241

"රෝහින්ග්‍යාවරුන් සරණාගතයන් නොවේ" - ආන්දෝලනාත්මක වාර්තාවක් පිටවේ




මියන්මාරයෙන් පළා එන රෝහින්ග්‍යාවරුන් සරණාගතයන් ලෙස සැලකිය නොහැකි බව ඓතිහාසික සමීක්‍ෂණයන් පිළිබඳ ඉන්දීය කවුන්සිලය පවසනවා.

‘ ද හින්දු ’ පුවත් සේවය පවසන්නේ දීර්ඝ සංවාදයකින් පසු නිකුත් කළ වාර්තාවකින් ඔවුන් මේ බව පැහැදිලි කර ඇති බවයි.

සරණාගතයන් යනු ආගමික හෝ වාර්ගික කරුණු හේතුවෙන් අසල්වැසි රටවලදි පීඩාවට පත්වන්නන් ලෙසද සැලකිය යුතු බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා.

මෙහිදී අසල්වැසි රටවල් ලෙස විස්තර කර ඇත්තේ මුල් වකවානුවේදී ඉන්දියාව සමග එකම රටක් ලෙස පැවත පසුව වෙන් වූ රටවල්.

රෝහින්ග්‍යාවරුන් මෙම අර්ථයට ගත නොහැකි බවද ඔවුන් නීතිවිරෝධී සංග‍්‍රමණිකයන් බවද අදාළ වාර්තාවේ විස්තර කර තිබෙනවා.