Saturday, April 20, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ වත්මන් බිරිඳ වාග් ප්‍රහාරයක පැටලෙයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වත්මන් භාර්යාව වන මෙලනියා ට‍්‍රම්ප් සහ ඔහුගේ පළමු භාර්යාව වූ ඉවානා ට‍්‍රම්ප් අතර මතගැටුම් ඇති වී තිබෙනවා.

ඉවානා ට‍්‍රම්ප් මීට පෙර ප‍්‍රකාශ කළේ අමෙරිකාවේ ජනාධිපති ආර්යාව තමන් වියයුතු බවයි.  

ඕනෑම අවස්ථාවක ධවල මන්දිරයට යාමට තමන්ට හිමිකමක් ඇතැයිද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙලනියා ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ ඉවානා උත්සාහ කරන්නේ අනෙක් අයගේ අවධානය දිනා ගැනීමට බවයි. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් 1977 වසරේදි ඉවානා සමග විවාහ වුණා. ඔවුන් දික්කසාද වුයේ 1990 දශකයේදීයි. එම විවාහයෙන් දරුවන් තුන්දෙනෙකුද සිටිනවා.